Colombo Today Local News

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලකුළින් බරව පවතින බව ඔවුන් සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 දක්වා වැඩිවේ.

මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතනයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.

එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි කිහිපයේ දී මාර්තු 4 සහ 5 දිනවල ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

ඇමතිකම රැකගන්න රවී නාහිමිවරුන්ට පූජා කල සුපිරි බඩු මෙන්න (PHOTO)

colombotoday

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday