Colombo Today Local News

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපන් ස්වයං ආරක්ෂක සාගරික බලකායේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයට අයත් යුද නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වි තිබේ.

කොළඹ වරායට සේන්දු වූ මයින්ස්වීපර් වර්ගයට ‘යුර්ගා’ නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130 ක ගෙන් සමන්විත වන අතර මයින්ස්වීපර් වර්ගයට අයත් ‘හරාඩෝ’ නෞකාව දිගින් මීටර 67 ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විතය.

මෙම යුද නෞකා ද්විත්වය පසුගිය පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය, නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම සහ නෞකා පෙළ ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකා දෙක හෙට (3)දින කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.

Related posts

සජිත් ලැබුවේ පරාජයක් නෙවෙයි, ලක්ෂ 14ක අන්ත පරාජයක්…

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin