Colombo Today Local News

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 50,000 බැගින් ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතියද ලැබුණ බව කී අලුත්ගමගේ මහතා අදාළ මුදල ලබන සතියේ සිට ලබාදෙන බවද සඳහන් කරයි.

මෙි වන විට වී කිලෝව රුපියල් 92 සහ 95 අතර මුදලකට මිලදී ගන්නා බව කී අලුත්ගමගේ මහතා ගොවීන්ට වගා හානි වන්දිය ද ලැබුණු පසුව කිසිම ආර්ථික අහේනියක් ඇති වීමට ඉඩක් නැති බව ද සඳහන් කරයි.

රසායනික පොහොර තහනමෙන් පසුව නියමිත වෙලාවට කාබනික පොහොර ලබා දෙන්නට නොහැකි වූ නිසා නිෂ්පාදනයේ අඩුවක් සිදු වූ බව පවසන අලුත්ගමගේ මහතා ගොවීන්ට කිසිදු අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන බව තමා මුල සිටම පැවසූ බවද කියයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය.

Related posts

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට බැසිල්ගේ විරෝධය….

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday