World

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර වීම ඊට හේතුවයි.

මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බව වාර්තා වේ.

යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානය ද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

colombotoday

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday