Colombo Today Local News

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

හිරු නාලිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා සිටි ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මීට සුළු මොහොතකට පෙර පිළියන්දල පොලිසියට පැමිණියාය.

තමන් අද සවස 3.00ට පිළියන්දල පොලිස් ස්ථානය පැමිණෙන බව පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැනුම් දී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 23 පොලිසිය ඇය කැඳවා තිබු අතර එදිනට පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවට පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය නීතිඥවරුන් මගින් පොලිසියට දැනුම් දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඇය නීතිඥවරුන් සමග මීට මද වෙලාවකට පෙර පිළියන්ද පොලිසිය වෙත පැමිණ සිට ඇත.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ නියෝජ්‍ය ඇමති ලෙස බුද්ධික පතිරණ දිවුරුම් දෙයි

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

colombotoday

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

colombotoday

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday