Colombo Today Local News

ශ්‍රී ලංකා පදනම ආයතනය ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා

ශ්‍රී ලංකා පදනම ආයතනය චිත්‍රාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අතරමඟ නවතා දැමීමෙන් එම ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු ලෙස ගෙවූ රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

අරමුදල් ගැටලුවක් මත කළමනාකාරිත්වය ගත් තීරණයක් අනුව මෙම චිත්‍රාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2018 වර්ෂයේදී මෙලෙස නතර කර තිබිණ.

මේ අතර රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා 2018 හා 2019 වර්ෂයේ දී රුපියල් ලක්ෂ හැටකට වැඩි මුදලක් වැය කර තිබුණ අතර ඉන් ලක්ෂ 40 ක ආදායමක් අපේක්ෂා කළද උපයා ගෙන තිබූ ආදායම රුපියල් එක්ලක්ෂ අනූ දාහක් බව විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.

Related posts

දැරියක දම්වැල්වලින් බැඳ කුකුළු කූඩුවක දමලා | පියා සහ නැන්දා අත්අඩංගුවට

colombotoday

ත්‍රිකුණාමලයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසාදමයි

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday