World

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවලට රුසියානු ගුවන් සීමාව තහනම් කරමින් රුසියාවෙන් නියෝගයක්.

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම්වලට රුසියාවේ ගුවන් තොටුපළවලට ගොඩබෑම හෝ ගුවන් සීමාව භාවිතා කිරීම තහනම් කර ඇති බව රුසියානු සිවිල් ගුවන් සේවා නියාමකවරයා නිවේදනය කර ඇත.

අදාළ තීන්දුව ගෙන ඇත්තේ, රුසියාවේ ජාතික ගුවන් සේවය වන Aeroflot ගුවන් යානා එක්සත් රාජධානියට ගොඩබෑම තහනම් කිරීමට එක්සත් රාජධානිය ගත් තීරණයට පසුවය.

එක්සත් රාජධානියේ තහනම රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් හඳුන්වා දුන් සම්බාධකවල කොටසකි.

රුසියානු හමුදා විසින් යුක්රේන හමුදා ආක්‍රමණයක් දියත් කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා යුක්රේනයේ ගුවන් කලාපය වසා දමන ලදී.

රුසියාවේ ගුවන් සේවා අධිකාරිය පැවසුවේ: “එක්සත් රාජධානියට සම්බන්ධ හෝ ලියාපදිංචි වූ සමාගමකට අයත්, බදු දී ඇති හෝ ක්‍රියාත්මක වන ගුවන් යානා සඳහා රුසියානු ගුවන් අවකාශය භාවිතා කිරීම තහනම් කර ඇත” යනුවෙනි.

Related posts

උරුම වනසන තලිබාන්වරු

Admin

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

“මාසයක් තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය වනසනවා“ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලට අල් හුසේන් උරණ වෙයි !

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday