Colombo Today Local News

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් හඳුනාගෙන තිබේ.

එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා විය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයාගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි එම සැකකරුව මීට පෙර අත්අඩංගුවට ගැනුණි.

චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් එම දේපළ, සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා මිලටගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම භූමිය පර්චස් 100කට ආසන්නය. එය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා නිතිවිරෝධී ලෙස උපයාගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් ඇවිලෙයි | ගින්න පාලනයට මෙහෙයුමක්

colombotoday

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

දකුණු පළාතේ සිසුන් 200ට අඩු පාසල් ලබන 15 විවෘත කරයි

colombotoday