Colombo Today Local News

තෙල් සංස්ථාවට බැංකු ණය දීම තහනම් කරමින් කබ්රාල්ගෙන් නියෝගයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි ආරංචි මාර්ග මාර්ග සදහන් කරයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

මේ ආකාරයට ණයදී බැංකු පද්ධතිය කඩා වැටුණහොත් එහි වගකීම තමාට බාරගත නොහැකි බවද කබ්රාල් මහතා රජයට වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය මුදල් ලබාදීම දිගටම කරන්නැයි රාජ්‍ය බැංකුවලට ඇතැම් පාර්ශව කාලයක සිට විවිධ බලපෑම් කරන බව බැංකු ප්‍රධානීහු පවසති.

” ඒ බලපෑම්වලට යටවී කටයුතු කළ කාලය දැන් ඉවරයි. මින් ඉදිරියට නම් ණය දෙන්නම බැහැ. තවදුරටත් ණය දුන්නොත් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ලෝකයේ බොහෝ රටවල එවැනි අත්දැකීම් තියෙනවා” යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙක් මෙරට ප්‍රධාන පුවත් පතකට පවසා තිබෙන අතර මේ සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කර ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව ණය ගැනීමේ උපරිම සීමාවට පැමිණ ඇති බවයි.

මේ විදියට ගියොත් ඉදිරියේදී තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තෙල් මත පනවා ඇති බදු ඉවත් කිරීම ප්‍රශ්නයට දැනට තිබෙන එකම විසඳුම බවත් ඔහු සඳහන් කරයි.

තෙල් මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි රජයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

Related posts

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

colombotoday

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

ඛණිජතෙල් වර්ජනය අගහරුවාදා තෙක් අත්හිටුවයි.. වරාය ගිවිසුම සංශෝධනයට ජනපති එකගයි !

colombotoday

හිරිහැර නිමක් නෑ.. ගෝඨා දැඩි කළකිරීමෙන්.. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමත් සැක සහිතයි !

colombotoday

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday