Colombo Today Local News

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

හොරණ, කඳන ප්‍රදේශයේ මිත්තනිය භාරයේ සිටි සිය දරුවා පැහැරගෙන ගිය සැකකරු අද (17) දහවල් පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මෘත ශරීරය හොරණ මූලික රොහලේ තැන්පත් කර ඇති බවයි.

අඟුරුවාතොට, වල්පිට ප්‍රදේශයේ නිවසක ඔහු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීම සිදුකිරීමට ගිය අවස්ථාවේදි සැකකරු නිවසේ සැඟව සිට පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිහාරවලින් සැකකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

සැකකරු මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවත් පවුල් ආරාවුල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි කිහිපයක්ම වාර්තාවී ඇත.

Related posts

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday

වැට් බද්දත් සමග දුරකතන ගාස්තු 27% සිට 46% දක්වා ඉහළට.. අන්තර්ජාල බදු දෙගුණයකින් නගී

colombotoday

බුදු පිළිමයක් තැබීමට එරෙහිව අධිකරණ නියෝගයක්.. මුස්ලිම් ගමක් ළග නිසා සංහිදියාවට බාධයිලු !

colombotoday

විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සහ හදිස්සි කැබිනට් රැස්වීමක්

colombotoday