6 April 2025
Colombo Today Local News

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සැළකියුතු ලෙස ඉහළ නැග ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ අනුව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සියයට 12 කින් සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියයට 3 කින් ඉහළ නැග ඇත.

කොවිඩ් මරණ සංඛ්‍යාවද සියයට17 කින් පමණ ඉහළ නැඟ ඇතැයි ඔහු සඳහන් කරයි.

කොවිඩ් මරණ දිනකට තිහක් පමණ වාර්තා වන බව පැවසූ හම්දානි මහතා එසේ මිය යන පිරිසෙන් සියයට 60ත් 65ත් අතර සංඛ්‍යාවක් බූස්ටර් එන්නත ලබා නොගත් අය බවද ප්‍රකාශ කරයි.

Related posts

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

ඇමතිකම් අතැර ස්වාධීන වෙනවද.. පොහොට්ටුවට එක්වෙනවද.. ශ්‍රීලනිප ඇමතිලා ජනපති හමුවෙයි

colombotoday

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday