Colombo Today Local News

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ‍ය.

වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා විරුද්ධ පක්ෂයට අදහසවී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීමට යැයිද ප්‍රකාශ කළේය.

මේ වැඩ වර්ජන කරන අයට හෙන ගහන්න ඕන කියලා කාන්තාවක් රූපවාහිනියේ පවසනු තමා ඊයේ දුටු බවද ඔහු කීවේය.

Related posts

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

ජනපති අවසරය ලැබෙයි.. ශ්‍රීලනිප 16 දෙනා ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday