පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරට ලක්ව අද (11) අලුයම මොරටුව එගොඩ උයන පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුවන ඩිලාන් සමීර නොහොත් අබ්බා මියගොස් ඇත.
ඔහු සමග සිටි පුද්ගලයින් 06 දෙනකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුහු වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවෙති. අබ්බා නැමැත්තා විදෙස් රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රභලයකු වන පානදුර සළිඳුගේ ගෝලයෙක් බව ආරක්ෂක අංශ පවසයි.
අබ්බා නැමැත්තා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකුද තුවාල ලබා සිටී.