Colombo Today Local News

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි.

විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය සදහන් කරයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්⁣ඨ ප්‍රකාශකයෙකු අප වෙත අදහස් දක්වමින් පැවසුවේ, වන විනාශයන් අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බවය.

Related posts

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday

සති දෙකකට කලින් බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. | ඉස්ලාම් අන්තවාදය මානව සමාජයටම අභියෝගයක්. – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday

වැට් බදු පනත සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin