Colombo Today Local News

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි.

ජනවාරි මාසයේ දී මෙලෙසෙ රන් සංචිතයෙන් කොටසක් විකුණා ඇති අතර ඉකුත් දෙසැම්බර් මාසයේ පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක රන් සංචිතය ජනවාරි මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් දෙසැම්බර් මාසයේදී ද සිය රන් සංචිතයෙන් කොටස් විකුණා දැමූ අතර ඉකුත් වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සුතව ටොන් 3.1 ක රන් සංචිතයක් තිබුණු බවට ඇස්තමේන්තු කර ඇත.

ජනවාරි මාසයේ රන් සංචිතය විකුණා දැමීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකාව සතු රන් සංචිතය ටොන් 1.6ක් දක්වා අඩු ව ඇත.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

colombotoday

කතානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ?

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

අමෙරිකානු තානාපතිනිය මහ බැංකු අධිපති හමුවෙයි

Admin

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday