Colombo Today Local News

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කියන හොරණ රජයේ පාසලක ගුරුවරයකු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකාර ගුරුවරයා ට එරෙහිව මේ වන විට වංචා විමර්ශන අංශයට පැමිණිලි 10ක් මෙන්ම හොරණ පොලිසියට පැමිණිලි 25 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ලද පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුනකට අධික බව උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

මෙම සැකකාර ගුරුවරයා ගේ වංචාවට බහුතරයක් ගුරුවරුන් සහ ගුරුවරියන් හසුවී ඇති බවත් ඊට අමතරව ඔවුන්ගේ ඥාතීන් ද මෙම කූට වංචාවට හසු වී ඇතැයි එම නිලධාරියා පවසයි.

තමන් සිදුකරන ඇන්තුරියම් ව්‍යාපෘති සහ මැණික් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000 ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසා අදාළ ගුරුවරයා මෙම මුදල් වංචාවේ යෙදී ඇතැයි විමර්ශන සිදු කර ඇතැයි පවසයි.

Related posts

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

විරෝධතාවයක් උණුසුම්

Admin

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි.. නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගේ විරෝධය

colombotoday

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

මානුෂීය මුහුණුවර ඇති සංවිධාන හරහා කොවිඩ් ආධාර ත්‍රස්ත සංවිධාන අතට! රුසියාව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

colombotoday

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday