Colombo Today Local News

මියන්මාරයෙන් සහල් ටෝන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණයක්

වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැගින්,රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

වරකට සහල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් ආනයනය කර වරින් වර වෙළඳපොළට නිකුත් කිරීමට වෙළද අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

එම සහල් තොග ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහජන බැංකුව වෙත නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

ඉදිරියට තව බදු

Admin

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday