Colombo Today Local News

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ.. රැඳවියෝ තුනක් විභාගය ලියයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් තිදෙනකු අද (07) ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43 ක හා 46 ක සිරකරුවන් දෙදෙනකු හා වයස අවුරුදු 38 ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු එලෙස විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය තුළ ඔවුන් තිදෙනා විභාගයට පෙනී සිටීමට නියමිත බව ද ඒකනායක මහතා සදහන් කරයි.

විවිධ චෝදනාවලට ලක් වී බන්ධනාගරගතව සිටින සිරසිරකරුවන් , සැකකරුවන්, පුනරුථාත්පන සංකල්පය සාක්ෂාත්කර ගැනීම සඳහා විශේෂ හැකියාවන් සහිත සිරසැකකරුවන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු කරවමින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බවද ඔහු සදහන් කර සිටි.

Related posts

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

colombotoday

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday