Colombo Today Local News

“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

r sambandan

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් වශයෙන් මුල සිටම බලකර සිටියේ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් ප්‍රතිපත්තියක් බවත් ඒකීය රාජ්‍ය යන ප්‍රතිපත්තිය කිසිසේත් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පැවසීය. චෙල්ලනායගම් මහතාගේ නායකත්වය මත ඉලංගෙයි තමිල් අරසු කච්චි පිහිටුවා ගැනීමේ සිටම මේ දක්වා උත්සාහ කළේ උතුරේ අර්බුදයට ෆෙඩරල් විසඳුමකින් ස්ථිර දේශපාලන විසඳුමක් ගෙන ඒම බවත් ඒ මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්වීම කිලිනොච්චියේ පිහිටි සමුපකාර ශාලාවේදී ඊයේ (21 වැනිදා) පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

උතුරු නැගෙනහිර අර්බුදයට ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තියක් මත විසඳුම් ගෙන ඒමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ දරන බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන රාවයන් පදනම් විරහිත බවත්.මධ්‍යම රජය පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් පාලනයක් තුළින් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ගෙන එන බවත් සම්බන්ධන් මහතා මෙහිදී තවදුරටත් පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඇතුළු පිරිසක් විච්ෙචනයට ලක් කරමින් එම සන්ධානයේම පිරිසක් කළ ප්‍රකාශවල යථාර්ථය දැනගැනීම පිණිස තමා මේ බව සඳහන් කරන බවද හෙතෙම පවසා ඇත. දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති අර්බුද ඉදිරි වැඩපිළිවෙළ, වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳ මෙන්ම උතුරු පළාත් මහා ඇමැතිවරයාගේ පක්ෂයට පටහැනි ක්‍රියා කලාපය පිළිබඳව මෙහිදී දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වී ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරු සහ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්ද මෙකී නියෝජිත රැස්වීමට එක්ව සිටියහ.

Related posts

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

colombotoday

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday