Colombo Today Local News

එන්නත් මාත්‍රා තුනම ලබාගත් ආසාදිතයෝ දින 4කින් රාජකාරියට

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලයකුට කොවිඩ් ආසාදනය වුවහොත් ඔහුගෙන් තවත් කෙනකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීම ඉතා අවම බව කොළඹ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසයි. ඊයේ (31දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම අවධාරණය කළේය.

එසේම සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකුට කොවිඩ් අසාදනය වීමෙන් දින හතකට පසු නිරෝධායන කාලසීමාව අවසන් කර සිය දෛනික රාජකාරි සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයකුට කොවිඩ් අසාදිත වී දින හත ගත වූ පසු යළි සේවයට වාර්තා කිරීමේදී රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් හෝ පී .සී. ආර් වාර්තාවක් ආයතනයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සමග ආසාදිතයන් වැඩිවන බවත් සෑම තත්ත්පර දොළහකට වරක් ලෝකයේ කොවිඩ් ආසාදිතයකුගේ මරණයක් සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

නෞකාවන්හි සේවය කළ ලාංකිකයන් පිරිසක් රැගෙන එයි

colombotoday

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලංකාවටත් Flying Boat පළමු වරට

colombotoday

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday