උතුරු කොරියාව විසින් සුවිශාල මිසයිලයක් එළිදක්වා තිබේ.
මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2017ට පසුව උතුරු කොරියාව විසින් එළිදක්වා ඇති විශාලතම මිසයිලය එය බවය.
එරට බලධාරීන් එම මිසයිලය නිකුත් කිරීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබුණි.
එම මිසයිලය, හාසොන්ග් 12 ලෙස නම්කර ඇති අතර ජනවාරියේ අත්හදා බැලූ 7 වන මිසයිලය එය වේ.
දකුණු කොරියාව සහ ජපානය පැවසුවේ කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට යෑමෙන් අනතුරුව එම මිසයිලය ජපානය අසල මුහුදට වැටුණු බවය.