Colombo Today Local News

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම අද (24) දහවල් කඩාවැටී තිබේ.

පාලම කඩා වැටෙන අවස්ථාවේදී ඒ මතින් ටිපර් රථයක් ගමන් කරමින් තිබී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය වසරේ එම ප්‍රදේශයේ ඇති වූ ජලගැලීමකදි පාවී ආ කොටයක් මෙම පාලමේ එක් ආධාරක කණුවක ගැටී එම කණුවට සිදුවූ හානියයෙන් එම පාලම එක් පසකින් පහත්වී තිබූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

පාලම අබලන්වීම හේතුවෙන් බර වාහන ගමන් කිරීම තහනම් කර තිබූ අතර බර වාහන ගමන් කිරීමට නොහැකි වන ලෙස යකඩ කණු සවිකර තිබූ බව ප්‍රදේශවාසීන් පවසයි.

කෙසේ වෙතත් ඒවාද ද කඩා දමා එම ටිපර් රථ එහි ධාවනය කර තිබූ බවට තොරතුරු වාර්තා වේ.

පාලම කඩා වැටීම නිසා මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

Related posts

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

ජවිපෙ 20ට අපි එකහෙළාම විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

මාධ්‍ය සර්කස් එකකට මාව යටවුණා.. බැදුම්කර වාර්තාවෙන් ඇත්ත හෙළිවෙයි – රවී (Video)

colombotoday

අරක්කු මිල ඉහළට

Admin

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday