Colombo Today Local News

ක්‍රිකට් තරග පාවාදීම් ගැන හොයන්න FCIDය ටෙලි නිළියකට දැළ එලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග පාවාදීමේ සිද්ධීන් සදහා සම්බන්ධ දැයි පරීක්ෂණ සිදු කරන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ටෙලි නාට්‍ය නිළියක් හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකවක් ගැනද සිය පරීක්ෂණ යොමු කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහි පැවැති අවසන් තරගය නැරඹීමට පසුගියදා වැඩ තහනම් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු අනූෂ සමරණායක සමඟ මේ නිළිය ඉන්දියාවට ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

එසේම, ජංගම දුරකථන ජාල සාමාගමක හිමිකරුවෙක් සමඟද මැය කිට්ටු සම්බන්ධතා පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

කිසිදු මාධ්‍ය ආයතනයක සේවය කරන හෝ ක්‍රිකට් තරග ආවරණ කරනු ලබන මාධ්‍යවේදිනයක්ද නොවන නිළියක්වන නෙතූ ප්‍රියංගිකා ශ්‍රී ලංකා ක්‍රිකට්හි මාධ්‍ය අංශය විසින් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනු ලබන මොටර් රථ ගාල් කිරීමේ අවසර පත්‍රයක් හා ශ්‍රී ලංකාව හා කොදෙව් අතර පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරග සඳහා මාධ්‍යට ලබාදෙන ප්‍රවේශපත් කිහිපයක් අතතිව සිටින ඡායාරූපයක් සහ අනූෂ සමරණායක සමග සිටින ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණි.

Nethu1_600px_15_11_12-2

Related posts

දිවයින කියන්නේ බොරු.. අනුර සහෝදරයා අති පිරිසිදුයි.. ‘අයර්ලන්තය’ ගැන නොකියා ජවිපෙ කියයි

colombotoday

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

TNA මන්ත්‍රීලා කෝකිලායි විහාරයට යයි.. ඉඩමේ අයිතිය ගැන විහාරාධිපති හිමිගෙන් ප්‍රශ්න කරයි

colombotoday

ඩලස් – සජිත් හවුල පැරදුණේ ඇයි? – තරඟය තිබුනේ චීන පිළ හා ඉන්දීය පිළ අතර… පරාජය 2024 ට හොඳ පාඩමක්.

colombotoday

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin