Colombo Today Local News

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

විදෙස්ගතව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන පාතාල සාමාජිකයෙක් ලෙස සැලකෙන “කුඩු අංජු” නැමැත්තාගේ දේපළ අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රත්මලාන, මොරටුමුල්ල ප්‍රදේශයේදී අදාළ පවරාගැනීම් සිදුකර ඇත.

එහිදී නිවාස දෙකක්, රත්‍රන් තොගයක්, කුඩා ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් හමුවී තිබේ.

පොලීසිය සදහන් කරන්නේ, එම දේපළවල වටිනාකම රුපියල් කෝටි තුනට අධික බවත් එම දේපළ “කුඩු අංජු” නැමැත්තාගේ බිරිඳගේ නමින් ඇති බවත් ය.

එම පුද්ගලයා 2018 වසරෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදා අදාළ වත්කම් මිලදීගෙන ඇතැයි වාර්තා විය.

Related posts

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

“තීරණය වෙනසක් නෑ.. වෛද්‍යවරුන් බිහිකිරීමට SITM සුදුසු නෑ” – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

colombotoday

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday