Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

පාර්ලිමේන්තුවේ පළමුවෙනි සැසිවාරය අවසන් කිරීමත් සමග අහෝසිවුණු පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) ඇතුළු කාරක සභා පනහ නැවත පිහිටුවීම සම්බන්ධ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කමිටු අතුරින් ප්‍රධාන කමිටු කිහිපයක මුල් පුටු වෙනස් වනු ඇතැයි දැනගන්නට ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද විවෘත කෙරුණු අතර අහෝසිවී පැවති සියලුම පාර්ලිමේන්තු කමිටු මේ අනුව යළි පිහිටුවීමට අවස්ථාව සැලසෙන්නේය.

පාර්ලිමේන්තුවේ කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ තේරීම් කාරක සභාව (committee of selection ) විසිනි.

කතානායකවරයා විසින් එම තේරීම් කාරක සභාවද අද හෙටම පත් කෙරෙනු ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමත් සමග එහි කමිටු බොහොමයක් අහෝසිවී යෑම නිසා ඒවායේ එතෙක් ක්‍රියාත්මකවෙමින් පැවති වැදගත් විමර්ශන ගණනාවක් ඇණ හිටියේය.

කමිටු නැවත පිහිටුවීමෙන් පසු එම විමර්ශන එතැන් සිට යළි ආරම්භ කිරීමට හැකිවන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

Related posts

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

ශ්‍රීලනිප මීළග අගමැති අපේක්ෂකයා ගෝඨාභය !

colombotoday

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday