Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන හකීම් ඇතුළු යහපාලන කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් මෙවර කියයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා එවකට පැවති යහපාලන රජය යටතේ පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කලයුතු බව කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා අද (14) දින පැවසීය.

කෙසේවෙතත් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක එවක රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල රවුෆ් හකීම් ද එම කාරක සභාවේ සාමාජිකයෙකු විය.

පාස්කු ප්‍රහාරයේ නායකත්වය ගෙන කටයුතු කල සහරාන් හෂීම් ගේ සොහොයුරු වන රිල්වාන් නැමැත්තා රෝහල්ගත කර සිටියදී රෝහලට ගොස් ඔහුගේ දුක සැප විමසා ඇති බවට ද රවුෆ් හකීම් ට චෝදනා එල්ල විය.

එබැවින් අදාළ පරිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව විශ්වාසයක් නොමැති බවට පියතුමන්ලා ඇතුළු කතෝලික සභාව විසින් එම කාලයේදී ප්‍රකාශ පවා සිදුකරන ලදි.

Related posts

ගෑස් පෝලිමේ සිටි අයෙක් මන්ත්‍රී කනක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් ගහලා

colombotoday

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday