Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයක් අරඔයි

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ සංඛේත වැඩ වර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අප කළ විමසීමකදී පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් අත්තනෝමතික ලෙස තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවය.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

colombotoday

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

ජනපති – අගමැති සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි – සජිත්

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday