Colombo Today Local News

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙට්‍රික් ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා ඇතැයි වී අලෙවි මණ්‌ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී වී තොග මෙසේ මද්‍යසාර සමාගමකට අලෙවි කිරීම පිළිබඳව වී අලෙවි මණ්‌ඩලයේ සේවකයන් පවා දැඩි විරෝධය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතාගෙන් “දිවයින” කළ විමසීමේදී මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බව පැවසීය.

ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක්‌ වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක්‌ සමාගමක්‌ රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.

අදාළ සමාගමේ නම කුමක්‌දැයි දිවයින කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසීමට අවස්‌ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය.

Divaina

Related posts

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ.

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday