Colombo Today Local News

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

වරාය අධිකාරියේ නව වසර උදාව සැමරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 03ක් වැය කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුව ඇතැයි වරාය සමගි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රොෂාන් පෙරේරා මහතා පැවසීය.

මෙම උත්සවයේ ආහාර පිසීමේ සිට සියලූ අවශ්‍යතා සඳහා නව උපකරණ ලබාගෙන දානමය කටයුතු ද සිදුකර ඇත. දකුණු ආසියාවේ ලොකුම මුළුතැන්ගෙය පවතින්නේ වරාය අධිකාරියේය. එහි පවතින උපකරණ වරායේ සේවකයන්ගේ ආහාර පිසීම සඳහා තවමත් භාවිත කරන බැවින් එවැනි තත්ත්වයක් මත අලූතින් ඉවුම් පිහුම් උපකරණ මිලදී ගත්තේ කාගේ අවශ්‍යතාවකට ද යන්න වෘත්තිය සමිති දැනගත යුතු යැයි ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වරායේ මුදල් භාරව සිටින මූල්‍ය අධ්‍යක්ෂවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියත් ඇය එය මඟහරිමින් සිටින බවත් ඔහු පැවසීය

Related posts

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

සිංහරාජය දින නියමයකින් තොරව වසා දමයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

“කොරෝනා මර්දනය කරන අතරම රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනත් බලන්න”

colombotoday