Colombo Today Local News

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම දැනුම් දෙමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කර තිබේ.

චක්‍රලේඛයට අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම 2022-01-01 දින සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධරයින් හැර අනෙකුත් සියලුම සිවිල් නිලධරයින් සඳහා අදාළ වේ.

තව ද මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති සහ විශ්‍රාම යෑම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද අදාළ චක්‍රලේඛයෙන් පැහැදිලි කර තිබේ.

Related posts

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

අලුත්ම බුද්ධි අංශ වාර්තාව සජිත් අතට ඇවිල්ලා

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday