Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට අධික මුදලක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ තංගල්ල හා තෙලිකඩ පොලිස් බල ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලිනි.

පොලීසිය පැවසුවේ 32 හැවිරිදි සීනිමෝදර කොස්කොරටුව ප්‍රදේශයේ පදිංචි සැකකරු බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ බවයි.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් පනස් ලක්ෂයකට අධික මුදලක් ,ග්‍රෑම් 377 ක බරින් යුත් ස්වර්ණාභරණ, හෙරෝයින් ග්‍රෑම් 10 ක් හා දුරකථනයක් සොයා ගෙන තිබේ.

ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ පියා ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

ඔහුගේ නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් මැගසින් දෙකක්,මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් අනූලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය භාරයට ගැනිණ.

Related posts

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් තවත් අයෙක් හෙළිවෙයි !

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

කොටි සුරතල් හමාරයි… උතුරේ මහවිරු සැමරුම් මෙවර නැහැ… මුලංකාවිල් කොටි සොහොන් බිම පාළුවට ගිහින්…

colombotoday