World

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.

කේප් ටවුන් නගරයේ පිහිටි එම ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ ඇරඹුණු ගින්න වේගයෙන් අනෙක් ගොඩනැගිලි කරාද පැතිර යෑම හේතුවෙන් සිදුවී ඇති විනාශය විශාල බව වාර්තා විය.

ගින්න පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට ගිනි නිවන භටයින්ට සිදුවිය.

අත්අඩංගුවට ගත් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති සිරිල් රාමපෝෂා පැවසුවේ සිදුවී ඇත්තේ “භයානක හා විනාශකාරී සිදුවීමක්” බවත් පාර්ලිමේන්තු කටයුතු නොකඩවා සිදුකරන බවත් ය.

එම විනාශ වූ ගොඩනැගිලි නැරඹීමට ගිය ජනාධිපතිවරයා පැවසුවේ “අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන” විනාශ වූ බවය.

Related posts

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin