Colombo Today Local News

නව ව්‍යවස්ථා සංශෝධනය ජනවාරී 8 කුමන්ත්‍රණයේ දිගුවක් – ආචාර්ය ගුණදාස අමරසේකර

gunadasa amarasekara

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ජනවාරී 8 දින කුමන්ත්‍රණයේ දෙවන අදිරය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වටහාගත යුතු බවයි.

අද අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු  ලබන්නේ බටහිර වුවමනාවට බවත්,  බටහිර රටවලට අවශ්‍ය වන්නේ නව ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවත්, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙනත් අරමුණු බවද  ඔහු අවධාරණය කර සිටියේය.

නංගී පෙන්වා අක්කා දීම වගේ ක්‍රියාවලියක් මෙමගින් සිදුකරන බවත් , මේ තරම් වූ හදීසියකින්  ව්‍යවස්ථාවක් සකස් කිරීමට යොමු වන්නේ මන්දැයි ප්‍රශ්න සහගත බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සඳහන් කර සිටියේ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරනු ලබන්නේ නොකියා රට බෙදන එක බවට සැකයත් ඇති බවයි.

වෙනත් රාජ්‍යන් වලට උවමනා විදියට අදාළ ක්‍රියාවලිය සිදුකරන බවද උන්වහන්සේ කියා සිටියේය.

නව රජයෙන් ඉදිරිපත් කර ඇති භික්ෂූ කතිකාව සම්බන්ධයෙන් තමා මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කළ බවත්, උන්වහන්සේලා අදාළ කතිකාවක දැක නොමැති බව තමා සමඟ ප්‍රකාශ කළ බවත් නාලක හිමි සඳහන් කළේය.

අදාළ  කතිකාවත උන්වහන්සේලාටත් දැනුවත් නොකර සිදුකරනවාද යන්න සැකයත් පවතින බවත්‍, මෙමගින් බුද්ධ ශාසනය පිරිහීමකට පත්වන බවත්,  පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි, පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර,වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෙවිදු කුමාරතුංග යන ජාතික එකමුතුවේ නියමුවන් සහභාගීවී සිටියහ.

 

Related posts

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

colombotoday

රිෂාඩ් බදියුදීන් මහා සංඝරත්නයට අභියෝග කරයි… ජනපති-අගමැතිටත් අනතුරු අගවයි

colombotoday

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනිවර කීයවීම පරාජය වීමෙන් උණුසුම් තත්වයක්.

colombotoday

රට බෙදෙන බලය බෙදීමක් වෙනුවට, ජනතාවට බලය බෙදන ‘සයිබර් පාර්ලිමේන්තුවක්‘ !

colombotoday

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday