පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවයකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබාදිය යුතු බව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබූණි.
කොටුව, ලෝටස් පාර ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාරය එල්ල වී ඇති අතර ජල ප්‍රහාරයෙන් පසුව පිරිස විසිර ගිය බව වාර්තාවේ.