World

කොරෝනා ආසාදනය වී දින කිහිපයකින් හදවතට හා මොළයට පැතිරයාමේ අවධානමක්

කොරෝනා වෛරසය ආසාදනය වී දින කිහිපයක් ඇතුළත එය හදවතට සහ මොළයට පැතිර යාමේ අවදානමක් පවතින බව හා ඉන්ද්‍රියයන් තුළ මාස ගණනක් වවෛරසය පැවතිය හැකි බව ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකට අනුව හෙළි වී ඇති බව වෙබ් එම්.ඩී. විදෙස් පුවත් සේවය අනාවරණය කරයි.

දිගුකාලීන කොවිඩ් රෝගීන් තුළ දක්නට ලැබෙන විවිධ රෝග ලක්ෂණවලට එය බලපෑ හැකි බවද හෙළි වී ඇති අතර ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට ද පැතිරීමේ අවදානමක් පවතී.

වෛරසය මිනිස් සෛල තුළ ප්‍රතිවර්තනය වන ආකාරය සහ මිනිස් සිරුර තුළ පවතින ආකාරය පිළිබඳව සිදුකළ වඩාත් පුළුල් සමාලෝචනයක් ලෙස මෙම අධ්‍යයනය සැලකේ.

ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන පර්‌යේෂකයන් විසින් වසංගතයේ පළමු වසර තුළ මියගිය කොවිඩ් රෝගීන් 44 දෙනෙකුගේ මරණ පරීක්ෂණයේදී ලබාගත් සංරක්ෂිත පටක සාම්පල මගින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.

රෝග ලක්ෂණ හටගෙන දින 230ක් වැනි කාලයක් ගතවන තුරු හෘදය සහ මොළය ඇතුළු ශරීරයේ විවිධ කොටස්වල වයිරස් අංශු නොනැසී පවතින බව මෙම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.

Related posts

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයි

Admin

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

Admin