World

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි.

පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කර ගැනීමට පෙත්‍ර ෆියාලා සහ ඔහුට සහාය පළ කරන පක්ෂ සමත් විය. ඒ අනුව, ජනාධිපති මයිලෝස් සෙමාන් රජයක් පිහිටුවන්නැයි ෆියාලා ට ඇරැයුම් කළේය.

77 හැවිරිදි ජනාධිපති මයිලෝස් සෙමාන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය සතියේය. අධික ලෙස මත්පැන්වලට සහ දුම්පානයට ඇබ්බැහි වූවකු ලෙස සෙමාන් ප්‍රකටය. එමෙන්ම ඔහු දියවැඩියා රෝගියකු ද වෙයි. වෛද්‍ය උපදෙස් අනුව, ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වුණු සැණින්, මයිලෝස් සෙමාන් රෝහල් ගත කෙරුණි.

මයිලෝස් සෙමාන් පසුගිය දා වෛද්‍ය උපදෙස් අනුව, සෞඛ්‍ය නීතිරීති පිළිපඳිමින්, ආරක්ෂිත ඇදුමින් සැරැසී, වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ රෝද පුටුවෙන් ජනාධිපති මන්දිරයට පැමිණියේ දිවුරුම් දීමේ කටයුතු සඳහාය. විශේෂ වීදුරු කුටියක් ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කර තිබුණි. ඔහු ඒ තුළ සිටි අතර, පෙත්‍ර ෆියාලා මීටර් කීපයක දුරින් සිට දිවුරුම් දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තේය.

Related posts

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

colombotoday