Colombo Today Local News

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

ලබන 03 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ, ඒ සම්බන්ධ චක්‍රලේඛයක් අද (30)දින නිකුත් කරන බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේදී ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදුකිරීමට අවසර ලබා දී තිබුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාරව ලබන 03 වැනිදා සිට රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවකින් පවත්වා ගෙන යන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

Related posts

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday