Colombo Today Local News

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

ඊයේ (18) අවිස්සාවේල්ල රෝහල මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කටයුතු සදහා ලබා දීමට එරෙහිව නිදහස් සෞඛ්‍ය අයිතීන් සුරැකීමේ සංවිධානය විරෝධතාවක නිරත විය.

නීති විරෝධීව හා රටේ සෞඛ්‍ය අණපනත්වලට පටහැනිව පවත්වාගෙන යන මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පිරිසකට පුහුණුව සඳහා එක් පුද්ගලයකුට රු. 50,000/- ක ගෙවීම් මුදලක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවිස්සාවේල්ල මූලික රෝහල ලබාගෙන ඇති අතර ඒ හරහා රෝහලේ රෝගීන්ද එහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද රෝහලේ මානව හා භෞතික සම්පත් සියල්ල ආණ්ඩුව මාලබේ වෛද්‍ය උපාධි කඩයට විකුණා ඇති බව සෞඛ්‍ය අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි. මීට එරෙහිව නිදහස් සෞඛ්‍ය අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය වාරණය කිරීමට පොලීසිය මගින් කරන ලද උත්සාහය ප්‍රතික්ශේප වී ඇති අතර අවිස්සාවේල්ල පොලීසිය මගින් 94738/216 අංකය යටතේ අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් උසාවිය වෙත මෙම ඉල්ලීම කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ දහවල් රෝහල ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණය සඳහා ප‍්‍රදේශවාසීන්, රෝහල් සේවකයින් හා වෛද්‍යවරුන් එක් වී සිටි අතර මෙහිදී චන්දන සූරියආරච්චි පැවසූයේ ආණ්ඩුවේ පාලකයින් හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් කුමන උත්සාහයක් දැරුවත් ලාංකීය ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතීන් වළලන්න ඉඩ නොතබන බවය. මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ යන අයද සහභාගී වී සිටියහ.

Related posts

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday

MTV තර්කය පිලි ගනී – දිලිත් ජයවීර ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකලොත් රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

colombotoday