Colombo Today Local News

ජනපතිගේ ‘ගව ඝාතන තහනමට’ රවීගෙන් බාල්දියක් !

ravi my3

මෙරට ගව ඝාතනය නතර කරන ලෙසටත්, ගවමස් කන පිරිසට ඒවා රටින් ගෙන්වීමට අවශ්‍ය වටපිටාව සැකසීමට කටයුතු කරන ලෙස අයවැය සකසන අවස්ථාවේදී තමා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට කළ ඉල්ලීම ඔහු පැහැර හැරිබව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනපතිවරයා මේ බව කියාසිටියේ බස්නාහිර පාසල්වල තෛපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් පයාගල හින්දු මහා විද්‍යාලයේ ඊයේ (18) පැවැති උත්සවයකදීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා මුදල් අමාත්‍යවරයාගෙන් හා වෙළෙඳ අමාත්‍යවරයාගෙන් නැවත වරක් අදාල ඉල්ලීම සිදු කරන බවයි. මස් මාංශ කෑමෙන් වැලකී සිටින අයෙකු වන තමන් කිසිසේත්ම සත්ව හිංසනය අනුමත නොකරන බවද කී ජනාධිපතිවරයා මෙරට ගව සම්පත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගව මස් උවමනා ප‍්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද කියා සිටියේය.

Related posts

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෝ ආයෙත් වහලට නගිති

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday