Colombo Today Local News

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ තරු පන්තියේ හෝටලයක නතරවී සිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ඒකකය ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසයි.

අත්අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වයස අවුරුදු 36 ක මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙකුත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 40 ත් අතර පසුවන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිසක් වන මෙම සැකකරුවන් සමාජ මාධ්‍ය ජාලා හා විවිධ උපක්‍රම භාවිත කරමින් මහජනතාවගෙන් කූඨ ලෙස මුදල් උපයා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණෙන එවැනි කූඨ ජවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

‘දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර‘ | මෙවර වෙසක් සමයේ නොමිලේ අක්ෂි සැත්කම් 2000ක්

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

මැති ඇමතිලාට, රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම නැවතීමෙන් රජයට රු. මිලියන 1000ක ඉතිරියක් !

colombotoday

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday