Colombo Today Local News

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

gammanpilaභික්ෂු විනය නමැති සළුව අන්දවා භික්ෂූන් වහන්සේ දේශපාලනයට ප්‍රවේශවීම වැළැක්වීමට නව පනත මගින් ආණ්ඩුව සූක්ෂමව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‍අද 18 කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුව විසින් ගෙනඒමට යන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි‍යේ නම් උන්වහන්සේටද සිරබත් කෑමට සිද්ධකරන පනතක් බවත්, ඒ අනුව බුදුන් වහන්සේටද ආරාමයේ නොව සිරගෙදර වැඩ වාසය කරන්නට සිදුවන තත්ත්වයක් ඇතිවන බවද ගම්මන්පිල මහතා පැවසීය.

බුදු රජාණන් වහන්සේද එකල දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වුණු බවත්, රජ වරුන්‍ට උපදෙස් දීමෙන්, ඇතැම් රාජ්‍යයන්ගේ ගැටුම් සඳහා මැදිහත්වෙමින් උන්වහන්සේ දේශපාලනය කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තායිලන්තයේ 95% ක් පමණ බෞද්ධයින් ජීවත්වන බවත්, එහෙත් එය ආසියාවේ ගණිකා මඩම බවට පත්ව ඇති බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම මෙවන් පනත් ගෙන ඒම මගින් ශ්‍රී ලංකාවද ආසියාවේ ගණිකා මඩම බවට හෝ ආසියාවේ තැබෑරුම බවට පත්වන බව ඔහු අවධාරණය කළේය.

‘ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත’නමින් මෙම පනත නම්කර ඇති බවත්, එබැවින් එය අදාළ වන්නේ ථේරවාදී භික්ෂුන්ට පමණක් බැවින් ථේරවාදී භික්ෂුන් මහායාන භික්ෂුන් බවට පත්කිරීමට මෙමගින් උනන්දුකරවීමක් දක්නට ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

භික්ෂු සමාජය යනු විශාල සංවිධානයක් බවත්, ඒ නිසාම යම් භික්ෂුවක් විනය විරෝධී ලෙස හැසිරෙන්නේනම් එම භික්ෂුව සංඝ ශාසනයෙන් නෙරපා හැරීමේ වගකීම පවතින්නේ භික්ෂුන්ටම මිසක් අන් අයට නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් භික්ෂුන් අරබයා ගෙන ඒමට සූදානම් කර ඇති පනතින් මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය වන බැවින් ඊට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති බවත්, එය නුදුරු සතියේදී විභාග කිරීම ආරම්භ කෙරෙනු ඇති බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

ෆොන්සේකාට උන්හිටිතැන් අමතක වෙයි, යුදබිමේ විරුකම් පෑ රණවිරුවන්ට අටපාස් නැතිවුන් කියා නිගා කරයි

colombotoday