Colombo Today Local News

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ වෙනම පක්ෂයකින් තරඟ කිරීමට ඒකමතිකව තීරණය කළ බව අම්පාර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය ප්‍රකාශ කරයි.

ඒ සඳහා අම්පාර දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන හතක නියෝජිතයන් එකඟ වූ බව දමන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෙනුර හෙට්ටිගමගේ කියා සිටියේ අම්පාර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවයි ඉහත කී සංසදයේ කැඳවුම්කරු වෙනුරහෙට්ටි ගමගේ සඳහන් කළේ.

“එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වෙලා එල්ටීටීඊ ඩයස්පෝරාවේ උවමනාවට අද අපේ රටේ සිදු වන දේවල් කරන්න ක්‍රියා කරපු මේ රටේ ජනාධිපතිවරයා ලෙස සිටින මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ප්‍රථමයෙන් එළවන්න ඕන,” අම්පාර නගර සභාවේ හිටපු උප සභාපතිවරයකු වන සමන් මොරායස් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් නෙරපන බව එම පක්ෂයේ ඇතැම් නායකයන් පවසා ඇති බව පැවැසූ ඔහු පාක්ෂිකයන්ගේ ඡන්දය පාවා දෙමින් ඇමති වරප්‍රසාද ගත් පිරිස් පක්ෂයෙන් පළමුව නෙරපා දැමිය යුතු බවයි සඳහන් කළේ.

“අපිව පක්ෂයෙන් නෙරපන්න පෙර, අපේ ඡන්දවලින් ඇමතිකම් ගත්ත මේ හොර තක්කඩි කලින් නෙරපලා ඉන්න,” සමන් මොරායස් පැවසීය.

මාධ්‍ය හමුවෙන් අනතුරුව එහි සිටි සියලු පළාත් පාලන ආයතන නියෝජිතයන් අම්පාර මානික්ක පිල්ලයාර් කෝවිලට ගොස් ආගමික වතාවත් සිදු කොට පොල් ගැසූහ.

BBC

Related posts

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

colombotoday

මතුගම දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමග රිවෝල්වරයක් සොයා ගැනේ

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

colombotoday

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

colombotoday