Colombo Today Local News

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඊච්චලන්පත්තු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

ඊච්චලම්පත්තුව පොලිස් වසමේ, පූනගර් ප්‍රදේශයේ දී පිරිසක් ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කරමින් කැණීම් කරන බවට කන්තලේ විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19)දින සවස මෙම වැටලීම සිදුකර ඇත.

මෙම පිරිස වයස අවුරුදු 40-55 අතර පසුවන පන්නිපිටිය, නූරිය, මාලඹේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බලකාය කියයි.

තවද අලවංගු ,පොරව, සවල්, උදලු, ඇතුළු කැණීම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

පසුගිය මාස කිහිපයට ඇමැතිට හොරෙන් ලං.වි.ම. බිලියන ගණන් ණය අරන්

colombotoday

පුනා ඇලේ ගල් තලාවකින් මළ සිරුරක් හමුවෙයි

colombotoday

ඝාණ්ඨාර ලණුවේ ගෙල සිර වී පාසල් සිසුවෙක් මරුට

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

එජාප-ශ්‍රීලනිප අවුල ලිහා යහපාලන දීගය රැකගන්න තානාපති මෙහෙයුමක්

colombotoday

නැගෙනහිර වහාබ්වාදී වෙනම රාජ්‍යයක් !

colombotoday