Colombo Today Local News

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කරයි.

එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නමුත් ඔවුන් බූස්ටර් එන්නතද ලබාගත් අය බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රොන් ආසාදනයවී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

විශේෂ විදුලිබල වැඩසටහනක් මම ක්‍රියාත්මක කරනවා

Admin

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

colombotoday

තවුහිද් ජමාද් සහ සුෆි මුස්ලිම්වරු දෙපිල බෙදී ගිංතොටදී මරා ගනිති. – 12ක් රෝහලට. 4ක් අත්අඩංගුවට

colombotoday