Colombo Today Local News

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

කිලිනොච්චිය පොලිස් වසමේ රම්‍ය පාර ප්‍රදේශයේ, කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යනු ලබන ඉඩමක තිබී යුද සමයේ භාවිත කළ ගිනිඅවි සඳහා යොදන පතොරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මස 13 වන දා එම ස්ථානයේ දී ටී – 56 අවි සඳහා භාවිත කළ පතරොම් පෙට්ටි 2ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව ඊට පසු දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය අරවියනගර් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් එම ස්ථානයේ තවදුරටත් කැණීම් සිදුකර තිබේ.

එහිදී ටී – 56 ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 750ක් අඩංගු ලෝහ ආවරණ සහිත පෙට්ටි 84ක් සොයා ගෙන ඇත.

එමෙන්ම ටී – 56 ගිනිඅවි සඳහා භාවිත කරන ආවරණ ඉවත් කළ පතරොම් 46,000ක්, M – 60 අවි සඳහා භාවිත කරන පතරොම් 800ක් හා MPMG අවි සඳහා භාවිත කරන පතරොම් 400ක් ද කැණීම් සිදුකිරීමේ දී සොයා ගෙන තිබේ.

අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතින අතර, කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඇතිවූයේ අද ඊයේ නොවේ.. මේ හොරකම් කරන සල්ලි යන්න ඕන පාසල්වල ක්‍රීඩකයන්ට

Admin

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවට !

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

මහින්ද මගුල් කිව්වේ ඩීල් දාන අයට ! මගුලට ගිය එජාප ලොක්කන්ට රන්ජන්ගෙන් දොස්මුරයක්

colombotoday