Colombo Today Local News

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

කොටදෙණියාව, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන් දෙදෙනකු මෙලෙස අතුරුදව ඇති බව පොලීසීය සදහන් කරයි.

අතුරුදන් ළමුන් දෙදෙනාගේ විස්තර පහත පරිදි වේ.

නම – දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්
වයස – අවුරුදු 10
රූප විස්තර – උස අඩි 04 ක් පමණ තළෙළුයි. කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දෙපස දත් දෙකක් වැටී ඇත.
අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමක්

නම – ජයසේකර මුදලිගේ අකිල දේදුණු
වයස අවුරුදු – 12
රූප විස්තර – උස අඩි 4 අඟල් 10 පමණ තළෙලු කොණ්ඩය කොටට කපා ඇත. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇත.
අවසන් වරට හැඳ සිටි ඇඳුම් – නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ට් එකක් සහ රතු පැහැති කොට කලිසමක්

මෙම දරුවන් දෙදෙනා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති – 071 – 8591634
කොටදෙණියාව පොලිස් ස්ථානය – 033 – 2240050
කොටදෙණියාව පොලිස් ස්ථානය – 033- 2272222

Related posts

තිදෙනෙක් දිය රකුසාට බිලි

colombotoday

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මීමුරේ චාරිකාවක් ගිය පුද්ගලයෙක් අතුරුදන්

colombotoday

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක

colombotoday

ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

Admin