Colombo Today Local News

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර තිබේ.

නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට ද පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව පංජාබ් ප්‍රාදේශිය පොලීසිය දැනුම් දී ඇත.

එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබේ.

Related posts

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

Admin

වස පානය කර බෙල්ල කපාගෙන? ව්‍යාපාරික ස්ථානයක් තුළ අභිරහස් මරණයක්

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday