Colombo Today Local News

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

ගෑස් ටැංකි පුපුරායාම, ගෑස් සංයුතිය වෙනස් කිරීම ඇතුළු ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාරිභෝගිකයා රැක ගන්නට ඇති පාරිභෝගික සේවා අධිකාරිය වත්මන් රජය යටතේ සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන මගින් අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කරයි.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත් ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කියයි.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද වැඩිදුරටත් සදහන් කර කරයි.

Related posts

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

හරක් කටා සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවා ගන්න CIDයට අවසර දෙයි

Admin

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

උතුරු පළාතේ පවුල් වලට චීන රතු කුරුසයෙන් ආධාර

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරි වලින් ඉවතට…

colombotoday