Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

බොරතෙල් තොග නොමැති වීම හේතුවෙන් නොවැම්බර් මස 15 වන දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කරනු ලැබීය.

කෙසේ වෙතත් තෙල් පිරිපහදුව වසා දමා දින 22 කට පසුව යළිත් එහි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටපුරා නිහඩ හලාල් විරෝධයක්… නෙල්නා චිකන් හලාල් හලයි !

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

සයිටම් වහනව තියා, වහන්න හිතලවත් නෑ – උසස් අධ්‍යාපන ඇමති

colombotoday

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

Admin

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin