Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ 25 හැවිරිදි සැකකරුවෙක් හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හම්බන්තොට සිප්පිකුළම ප්‍රදේශයේ සහරාන් පවත්වාගෙන ගොස් තිබූ අන්තවාදී දේශන ඇතුළත් පුහුණු කඳවුරකට ඔහු සහභාගී වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

ඔහු පාස්කුත දින ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවැත්වීම, අන්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීම සහ තොරතුරු වසන් කිරීමත් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

සැකකරු රඳවා තබා ගෙන තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

Related posts

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday